දකුණු පළාත් උපාධිධාරින් 1250කට ගුරු පත්වීම්

Share

දකුණු පළාත් ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පස්වරුවේ වැලිගම නගර ශාලාවේ දී පැවැත්විණි.

සිංහල හා දෙමළ මාධ්‍ය ගුරුවරුන් 1250කට පත්වීම් ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එච්.ජී. සිරිසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News