අපරාධකරුවන්ගේ මුහුණු හඳුනා ගන්න නව ක්‍රමවේදයක්

Share

අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හදුනා ගැනිම සදහා මුහුණු හදුනා ගැනිමේ තාක්ෂණය යොදා ගැනිමට සැලසුම් කරම්න් ඇතැයි පොලිසිය පවසයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ පැවති හමුවකදී ඒ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග එක්ව පොලිස් සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කෙරෙනු ඇති.

ඒ අනුව සැකකරුවන්ගේ තොරතුරු එම පද්ධතියට ඇතුළත් කිරීමත් සමග ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකතනයකින් අපරාධකරුවන් හඳුනාගත හැකි බව එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පෙන්වා දුන්හ.

මේ අතර දීර්ඝ කාලීනව උසස්වීම් නොලැබූ නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ ක්‍රියාවලිය කාණ්ඩ තුනක් යටතේ කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

Read more

Local News