ශ්‍රිලනිපයේ සහය පොහොට්ටුවේ අපේක්ෂකයාට

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂකයාට හිමිවනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය 29 වන වරට පවත්වනු ලබන ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කොළඔ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

ප්‍රදර්ශනය අද විවෘත කෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා නියම වේලාවට ඉදිරිපත් කළ බවත් එක්සත් ජාතික පක්ෂය තුළ පවතින අර්බුදය හේතුවෙන් තවමත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බවත් එම අවස්ථාවේ දි ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමු‍ණ අතර සිදුවන්නේ එකතු වීමක් නොව පක්ෂ 2ක අනන්‍යතාවය තබාගෙන ජනාධිපති අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට එකඟවීමක් බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එසේම ජනාධිපති අපේක්ෂකයා කිසිදු ලෙසකින්වත් වෙනස් කිරීමට සූදානමක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Read more

Local News