දැන් කාලේ ඇවිත් ඒ ණය ගෙවන්න – අගමැති

Share

රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා පසුගිය වසර තුනේදී ලබාගත් ණය ගෙවීම ඉදිරි පස්වසර තුළ සිය රජය මුහුණදෙන දැවැන්තම අභියෝගය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඒ බව සදහන් කළේ, කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ හා පුහුණු ආයතනයේ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

සී නාරායනස්වාමි මහතා විසින් රචිත මැනේජින් ඩිවලොප්මන්ට් – පීපල්, පොලිටික්ස් ඇන්ඩ් ඉන්ස්ටිටියුෂන් (Managing Development – People, Politics and Institutions) කෘතිය එලිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොලඹදී පැවැත්වුණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

” රටේ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට අපිට වසර 3ක් ගතවුණා. කෙසේ හෝ ණයත් අරගත්තා.

ඒත් දැන් කාලේ ඇවිත් ඒ ණය ගෙවන්න.

අපිට දැන් මුදල් උපයාගෙන ගෙවන්න වෙලා. ඉදිරි පස්වසරෙදි අපිට මුහුණදෙන්න වෙන අභියෝගය එයයි.

සංවර්ධනය ගෙනියන ආකාරය, මහජන කටයුතු කළමනාකරණය කරගන්න ආකාරය රඳාපවතින්නේ අප අත්කරගන්නා සාර්ථකත්වය මත.

රාජ්‍ය නොවන කටයුතු මත යොදා ඇති වාරණ බොහොමයක් ඉවත් කරන්න සිදුවන බවත් ඉන් අදහස් වෙනවා.

ආර්ථික ක්‍රියාකාරකම් පමණක් නොවේ අනෙක් කටයුතුවලදීත්,ඔවුන්ට වැඩෙන්න දෙන්න ඕනේ.

ඒ අතරම මහජන සේවය කාර්යක්ෂම කරන්න දිරිමත් කරන්න ඕනේ.”

Read more

Local News