කැන්ටබරියේ අගරදගුරු හිමිපාණන්ගෙන් ජනපතිට පැසසුම්

Share

මෙරටට පැමිණ සිටින කැන්ටබරියේ අගරදගුරු අති උතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ(29) රාත්‍රියේ ජනාධිපතිමන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ එහිදී උන්වහන්සේගේ පැසසුමට ලක් වී ඇත.

ඉමහත් ගෞරවයෙන් යුතුව අගරදගුරු හිමිපාණන් වහන්සේ පිළිගත් ජනාධිපති වරයා උන්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය රටට ආශිර්වාදයක් බව සඳහන් කළ අතර ඒ වෙනුවෙන් උන්වහන්සේ වෙත සිය ස්තූතිය පිරිනැමීය.

අනතුරුව ජනාධිපති වරයා සහ අගරදගුරු හිමිපාණන් වහන්සේ ඉතා සමීප සහ මිත්‍රශීලි සංවාදයක නිරත වූ අතර,රටේ සියලූ ආගමිකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය ගොඩ නඟමින් සහ සියලූ ආගමිකයන්ගේ වරප්‍රසාද සහතික කරමින් ජනපති ගෙන යන වැඩපිළිවෙළ උන්වහන්සේ ඇඟයීමට ලක් කළහ.

මෙම සුහද කතා බහෙන් අනතුරුව අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණන් ජනාධිපති වරයා වෙත සිය ආශිර්වාදය පළ කළඅතර, හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණි.

Read more

Local News