පාසල් අධ්‍යාපනය තුළ ගණිතය, විද්‍යාව, තාක්ෂණය සහ ඉංජිනේරු යන විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය – අධ්‍යාපන අැමති

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ දි පැවති 2017 සමස්ත ලංකා ගණිත දැනුම මිනුම තරගාවලිය සහ ජාතික ඔලිම්පියාඩ් තරගාවලියෙහි පදක්කම් හා සහතිකපත් ප්‍රදානෝත්සවයට එක්විය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ, පාසල් අධ්‍යාපනය තුළ ගණිතය, විද්‍යාව, තාක්ෂණය සහ ඉංජිනේරු යන විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීම රජයේ අරමුණ බවයි.
මෙම විෂය පථයන්ට අදාළ රැකියා සඳහා වර්තමානය වන විට ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ඉහළ ඉල්ලුමක් පවතින බවත් එම විෂයන් සඳහා මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ වෙන් වී ඇති ඉඩහසර අවම බවත් මෙරට අධ්‍යාපන ක්‍රමය ඉදිරියට යන්නේ එම විෂයන් සඳහා ප්‍රමුඛස්ථානය ලබා දීමෙන් බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
ගණිත විෂයමාලාව, පිළිගත් අන්තර් ජාතික මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම, ගණිත අධ්‍යාපනයේ සංවර්ධනය සඳහා අන්තර්ජාතික සහයෝගීතා ජාලයක් ගොඩනැගීම සහ ගණිත විෂය දැනුම සම්බන්ධව ගුරු සිසු දෙපිරිසගේම දක්ෂතා වර්ධනය කිරීම ඇතුළු අරමුණු රැසක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව විසින් මෙම සමස්ත ලංකා ගණිත දැනුම මිනුම සහ ජාතික ඔලිම්පියාඩ් යන තරගාවලි සංවිධාන කරනු ලබයි.

Read more

Local News