Home දේශීය පුවත් දැන උගත් පිරිසක් රටේ තීන්දු තීරණ ගැනීම වැදගත්

දැන උගත් පිරිසක් රටේ තීන්දු තීරණ ගැනීම වැදගත්

0
දැන උගත් පිරිසක් රටේ තීන්දු තීරණ ගැනීම වැදගත්

පවුලක් විසින් උදෑසන තේ මේසයේදී රටේ ඉරණම තීරණය කරනවාට වඩා දැන උගත් බහුතරයක් රටේ තීන්දු තීරණ ගැනීම, රටටත්, ජනතාවටත් අනාගතයට වැදගත් වන බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ ඊයේ(01) දින කොළඹ නගරයේ බේරේ වැව ආශ‍්‍රිත සංවර්ධන කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

‘1988 දී එක්සත් ජාතික පක්ෂයේ අර්බුධයක් තිබුණා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේදී, නමුත් ප්‍රේමදාස මහතා අවසානයේදී ඇවිත් ජයග‍්‍රහණය කළා.

ඊළඟට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුධයක් තිබුණා චන්ද්‍රිකා ද, අනුරද? සිරිමද කියලා.

කට්ටියක් එළියට ගියා. හැබැයි චන්ද්‍රිකා මැතිණිය ජයග‍්‍රහණය කළා. ඒ වගේම 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයාට අපේක්‍ෂකත්වය දෙයිද? නැද්ද? දුන්නත් කකුලෙන් අදියිද? ඇතුළේ ගැටුමක් තිබුණා.

වැඩ කළේ නැහැ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය.

හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා දිනුවා. ඒ වගේ අභ්‍යන්තර ගැටුම් ජයග‍්‍රාහී පැත්තට ක්‍රියාත්මක වෙනවා.

මොනවා උනත් පවුලක් විසින් උදේ තේ පැන් සංග‍්‍රහයේදී එකතු වෙලා රටේ ඉරණම තීරණය කරනවාට වඩා දැන උගත් බහුතර පිරිසක් රටේ තීන්දු තීරණය ගැනීම රටටත්, රටේ ජනතාවටත් අනාගතයේදී හොඳ වේ” යැයි පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here