Home දේශීය පුවත් එජාප අපේක්ෂකයා මේ වන තෙක් තීරණය කරලා නෑ

එජාප අපේක්ෂකයා මේ වන තෙක් තීරණය කරලා නෑ

0
එජාප අපේක්ෂකයා මේ වන තෙක් තීරණය කරලා නෑ

එක්සත් ජාකික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා මේ වන තෙක් තීරණය කර නොමැති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (02) සීනිගම ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මාධ්‍යවේදීන් වෙත සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ වෙනත් පක්ෂවලින් මේ වන විට ඔවුන්ගේ හොඳම අපේක්ෂකයින් ඉදිරිපත් කරමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයෙන් ද ඒ ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් පෙරමුණත් සමඟ සාකච්ඡා කර ජයග්‍රහණය කළ හැකි වැඩපිළිවෙලක් ඇති කරගෙන යන බවත්ය.

තමන්ට අපේක්ෂකත්වය ලැබේදැයි මාධ්‍යවේදියෙක් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ තමන්ට ඒ සඳහා තව කල් පවතින බවත් මෙම අවස්ථාවේ දී සිදු කළ යුත්තේ රට දිනවීම බවත්ය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි දා සිටම සංවර්ධන කටයුතු සිදු කළ ද ඒවා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකිරීම රජය විසින් සිදු කළ දුර්වලතාවයක් බවද රවී කරුණානායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here