රුපියල යළි පහළට

Share

ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව ශ්‍රි ලංකා රුපියල යළිත් අවප්‍රමාණය වී තිබේ. පසුගිය මාස හතක කාලයෙන් පසුව රුපියල නැවතත් අවප්‍රමාණය වී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 182. 17ක් බවට පත්විය.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.50ක් ලෙස දැක්විණ. ශ්‍රි ලංකාවෙන් විදේශ විනියම පිටරටට ගලාගෙන යෑම, විදේශ විනියම රට තුළට ගලා නොඒම මේ සඳහා හේතු වී තිබේ.

ශ්‍රී ලංකාවේ සුරකුම්පත්වල ආයෝජනය කර සිටි විදේශිකයන් සිය ආයෝජන මුදල් රුපියල් බිලියන 12.3ක්ද අගෝස්තු 28න් අවසන් වූ සතියේදි එයින් ඉවත්කරගෙන කරගෙන තිබුණි.

Read more

Local News