ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවිම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ සභාපතීත්වයෙන් යුතුව එම කමිටුව පත් කර ඇතිබව වාර්තා විය.
විමල් වීරවංශ, කෙහෙලිය රඹුක්වැල්ල, උදය ගම්මන්පිල සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයින් වන බව සදහන්.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස්පක්ෂය අතර තවත් සාකච්ඡා වටයක් ඉදිරියේදී පැවැත්විමට නියමිතව ඇත.
කෙසේවෙතත් පක්ෂ දෙකේ නියෝජිතයින් අතර නිල නොවන මට්ටමේ සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙමින් තිබෙන බවය වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡාවක් ඊයේ (18) රාත්‍රි එම පක්ෂ කාර්යාලයේදී පැවැත් විය.