Home දේශීය පුවත් ජනපති ක්‍රමය වෙනස් කරන්න සාකච්ඡා කිරීම නින්දිත වැඩක්

ජනපති ක්‍රමය වෙනස් කරන්න සාකච්ඡා කිරීම නින්දිත වැඩක්

0
ජනපති ක්‍රමය වෙනස් කරන්න සාකච්ඡා කිරීම නින්දිත වැඩක්

ජනාධිපතිවරණයට දින නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වී තිබිය දී ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට සාකච්ඡා කිරීම නින්දිත වැඩක් යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත් වෙමින් තිබු අතර එයට සහභාගී වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට පයින් ගැසීමක් බවත් මෙය මීට පෙර සිදු කිරීමට තිබු බවත් පැවසු අමාත්‍යවරයා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙවැනි දෙයක් කථා කිරීම ගැන තමාට හිතා ගැනීමට අසීරු බවත් පැවසීය.

දිනන සන්ධානය තමා සතු බවත් පැවසු අමාත්‍යවරයා,එයට මෙයින් කිසිදු බලපෑමක් එයට නැති බවත් කියා සිටියේය.

අද සවස පක්ෂ නායක රැස්වීමක් ඇති බවත් පැවසු අමාත්‍යවරයා එම සාකච්ඡාවේ දී සිදුවන දේ පිළිබඳ අවබෝධයක් තවමත් නැති බවත් පැවසීය.

තමා ලෑස්තියි කියා පැවසු අමාත්‍යවරයා මේ සියලු දේ සුබවාදීව සිදුවන බවත් මෙය වෙන දෙයක් නොව “ සජිත් භීතිකාවක්“ ඇති බවත් කියා සිටියේය.

එවැනි දෙයක් ඇත්දැයි තමාට සිතෙන බවත් පැවසු අමාත්‍යවරයා, ඊයේ දිනයේ ජනාධිපති මැතිවරණය නම් කිරීමෙන් පසුව අද දවසේ එය අහෝසි කරමින් ජනතාවගේ සර්ව බල ඡන්ද අයිතියට පයින් ගැසීම කළ නොහැකි දෙයක් බවත් පැවසීය.

තමා සංවර්ධිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට තමා ඇප කැප වෙන බවත් පැවසු සජිත් ප්‍රේමදාස මහතා ඕනෑම ප්‍රගතිශීලි ඕනෑම අයෙකුට තමා සමඟ එකතු වීමට දොරටු විවෘත කර ඇති බවත් සඳහන් කළේය.

තමා ජනාධිපතිවරණයට මුහුණ දීමට සුදානම් බවත් තමා කිසිදු හේතුවක් මත පය ආපස්සට නොගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here