එජාපයේ ඕනෑම අපේක්ෂකයෙකුට මගේ සහාය දෙනවා

Share

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පක්ෂ ව්‍යවස්ථාව අනුව තෝරා පත් කරගනු ඇති බව සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

කඳාන ප්‍රෙද්ශයේ ඊයේ (22) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එළඹෙන අඟහරුවාදා දිනට රැස්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් නාම යෝජනා මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවත් එම මණ්ඩලය විසින් අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කරනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම විවිධ බලවේගවලට අවශ්‍ය ආකාරයට පක්ෂයේ කටයුතු සිදු නොවන බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරන ඕනෑම අපේක්ෂකයෙකුට තමාගේ සහයෝගය ලබා දෙන බවත් ජෝන් අමරතුංග මහතා පවසා සිටියේය.

Read more

Local News