ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දින නියම කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ඔක්තෝබර් මස 30 සහ 31 යන දෙදින තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා දින නියම කර ඇති බවයි.
එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සඳහා නොවැම්බර් මස 01වනදා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා දි නනියම කර ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වන විට සිදුවන අතර එය සැප්තැම්බර් මස 30 වන දින දක්වා සිදුකිරීමට නියමිතයි.
එම නිසා තැපැල් ඡන්ද අයදුම් කිරිම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලු දෙනා සිය අයදුම්පත් සැප්තැම්බර් මස 30 වන දිනට හෝ ඊට පෙර අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා වෙත භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.
2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිතයි.