Home දේශීය පුවත් ගාල්ල – මාතර පාසල් අද සහ හෙට වසයි

ගාල්ල – මාතර පාසල් අද සහ හෙට වසයි

0
ගාල්ල – මාතර පාසල් අද සහ හෙට වසයි

දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලු පාසල් අද(24) සහ හෙට(25) යන දෙදින වසා තැබිමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අතර වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික් පහක් සඳහා නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැඟිලි පාර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

කළුතර, කැගල්ල, ගාල්ල, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් දැඩි නායයෑමේ අවදානමකට ලක්ව ඇති බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසයි ජාතික ගොඩනැඟිලි පාර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.

මේ අතර ගංගා කිහිපයක ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here