Home දේශීය පුවත් වල්ලපට්ටා රට ගෙනියන්න හදපු අයෙක් කොටුවෙයි

වල්ලපට්ටා රට ගෙනියන්න හදපු අයෙක් කොටුවෙයි

0
වල්ලපට්ටා රට ගෙනියන්න හදපු අයෙක් කොටුවෙයි

වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(24) අළුයම අදාළ සැකකරු අත්අඩංගුවට ගෙව ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා සඳහන් කළේය.

මෙම සැකකරු හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.

ඔහු අද අලුයම 2.10 ට ඩුබායි බලා පිටත්ව යන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 558 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු වල රුපියල් 36,69,250 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්රැම් 22 යි ග්රැම් 150 ක් සගවා ගෙන සිටියදී , ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ රේගු පරිශ්‍රයේ දී  සහකාර රේගු අධිකාරී ටී.ඒ.පී.පී.තෙන්නකෝන් මහතා විසින් සිදු කළ ස්කෑන් පරීක්ෂණයක දී  මෙම අත්  අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගුවන්තොටුපළ රේගුව විසින් සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here