සාහිත්‍යකරුවෙකු වූ ඉන්දික ගුණවර්ධන අභාවප්‍රාප්ත වේ

Share

කවියෙක්, නවකතාකරුවෙකු මෙන් ම පරිවර්තකයෙකු වන ඉන්දික ගුණවර්ධන මහතා අද (13) හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත. 1977 දෙසැම්බර් 22දා උපත ලබා ඇති ඒ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශනය ගුණවර්ධන මහතාගේ සහෝදරයෙකි.
ඒ මහතා දේහය මහජන ගෞරවය සඳහා හෙට (14) පෙරවරුවේ සිට පස්වරු 8.00 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කෙරෙනු ඇත.
දේහය 15 දා පෙරවරුවේ සිට ගාල්ල, වදුරඹ, ඌරල, පන්සල පාරේ පිහිටි 215/1 ඒ මහතා නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු එදින පස්වරු 6.00ට බද්දේගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

Read more

Local News