දිළිඳුභාවය අවම කිරීම සහ තිරසාර සංවර්ධනය උදෙසා සමාජ වැඩ මැයෙන් සංවිධානය කරනු ලැබු ජාතික විද්වත් සම්මේලනයක් අද (13) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙම සම්මේලනය හෙට (14) දිනයේදීත් පැවැත්වීමට නියමිතය. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දැනුම, කුසලතා, ආකල්ප හා මනෝ සමාජ සැකැස්ම, අධ්‍යාපන හා පුහුණුව බෙදාහදා ගැනීමයි.
සමාජ සේවකයන්, සමාජ පර්යේෂකයින්, සමාජ සේවා නිලධාරීන්, උපදේශකයන්, ළමා සුභසාධක නිලධාරීන්, කාන්තා සංවර්ධන නිලධාරීන්, සෙසු සමාජ සුභසාධක නිලධාරීන්, උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයින් සහ උනන්දුවක් දක්වන විද්වතුන් මෙම සමුළුව සඳහා සහභාගී වූහ.
දරිද්‍රතාවය පිටුදැකීම සහ බලකිරීම, නාගරීකරණය සහ තිරසාර සංවර්ධනය, සමාජ ව්‍යාපාරය සහ සමාජ ප්‍රවර්ධනය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා අධ්‍යාපන ප්‍රතිපත්ති යන තේමා යටතේ මෙම සමුළුව පැවැත්වුණි.
මෙම සම්මේලනයට සහභාගී වෙමින් අමාත්‍යවරයා පැවසුවේ තිරසාර සංවර්ධනයට විශාල අභියෝගයක් වී ඇති දිළඳුභාවය තුරන් කිරීම සඳහා විද්වතුන්ගේ නව අදහස් හා යෝජනා ලබා ගනිමින් 2030 වසර වන විට තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
ඉදිරියටත් මෙවැනි සම්මේලන පැවැත්වීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සමාජ සවිබල ගැන්වීම්, සුභ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික සමාජ සංවර්ධන ආයතනය මඟින් මෙම සම්මේලනය සංවිධානය කර ඇත.