අත්‍යාවශ්‍ය සේවා සඳහා යුද හමුදාවට ඇරයුම් කරයිද ?

Share

රටේ සියලුම ජනතාවගේ ආරක්ෂාව සහ දිනපතා කාර්යන් පවත්වාගෙන යාම සඳහා කළ හැකි ඕනෑම දෙයක් කරන්න යුද හමුදාව බලාපොරොත්තු වන බව යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද(01) අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන විශේෂ ආගමික වැඩසටහනක් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

යුද හමුදාධිපතිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ විවිධ අංශ සඳහා කෙටිකාලීනව යුද හමුදාවට යම් මැදිහත් වීමකත් සිදු කළ හැකි බවයි.

එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහා යුද හමුදාව යම් කිසි දෙයකට ඇරයුම් කරනු ලැබුවහොත් තමන්ට කළ හැකි උපරිමය සිදුකරන බව යුද හමුදාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News