සජිත්ට තිබෙන්නේ ඉතා වටිනා මුඛයක් – මහින්ද යාපා

Share

රට ආරක්ෂා කර ගැනීමට ජනතාවට ලැබී ඇති අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

රට පවා දෙන්නන්ට මේ රට තුළ තවත් ඉඩ නොදී කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා මේ වන විට පරාජය පිළිගෙන ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, සජිත් ප්‍රේමදාස මහතා ඔහුට ඇති ඉතා වටිනා මුඛයක් ගැන මේ දිනවල කථා කරන බවත් කියා සිටියේය.

එම මුඛයෙන් හෝ රට සංවර්ධනය කළ හැකි දේ පිටවන්නේ නම් හොඳයි යනුවෙන් පැවසු අබේවර්ධන මහතා,  නමුත් පසුගිය කාලයේ රටේ කෑලි විකුණන විට ශ්‍රී මුඛයෙන් කිසිවක් පිට නොවු බවත් පැවසීය.

රට වෙනුවෙන් හා රටේ අනාගතය වෙනුවෙන් ශ්‍රී මුඛය විවෘත කිරීමට එතුමාට හැකියාව ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, මේ වන විට මැතිවරණ වැඩ සියල්ල ආරම්භ කර ඇතැයි ද කියා සිටියේය.

පොලිතින් භාවිතයෙන් තොරව මැතිවරණ කටයුතු සිදු කරන බවත් පැවසු මන්ත්‍රීවරයා, පොලිතීන් භාවිතය හා තාප්ප කිළිටි කිරීම සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට බාර දී ඇතැයි ද පැවසීය.

Read more

Local News