සියලුම ජාතීන් එක්ව නිවැරදි දේශපාලන තීන්දුවක් ගත යුතුයි

Share

රට ගැන සිතා සියලුම ජාතීන් එක්ව නිවැරදි දේශපාලන තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඊයේ(10) ගැටඹේ රාජෝපවනාරාමයේ පැවති හමුවකින් අනතුරුවයි.

තමා විසින් ගත් තීන්දුවත් සමඟ විශාල වශයෙන් සමාජ අපවාද නගන්නට පටන් ගෙන ඇති බව රතන හිමියන් මෙහිදී අනාවරණය කළේය.

රතන හිමියන් පවසා සිටියේ පසුගිය ආණ්ඩුවේ බලයට පත් කරනු ලැබුවේ ජනාධිපිති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

නමුත් අත්තනෝමතික ලෙස අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සම්පුර්ණයෙන් සියලු අභිලාශයන් විනාශ කළ බව මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ඊයේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල නා හිමියන් බැහැදුටුවේය.

Read more

Local News