ගිනි අවි 04ක් සමග සැකකරුවෙකු මීරිගම ලොලුවාගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ කොට්ඨාස නීති බල ගැන්විමේ ඒකකයේ නිලධාරින් කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
එහිදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි 03ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු අද(10) අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



