මේ අය රට හදන්න නෙවෙයි පලි ගන්නයි එන්නේ

Share

වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති බව විපක්ෂ නායක ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (13) මහර, කඩවත පැවැති ජන රැළියේදී අදහස් දැක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“බොම්බයි ලූණූ කොහොමද? ජීවන වියදම අඩුද? අද බඩු මිල ඉහළ ගියත් ජනතාව කතා කරන්නේ නැහැ. එදා අපිට විරුද්ධව ඡන්දේ දීලයි මෙහෙම වුනේ. ඒ තත්ත්වය වෙනස් කරන්න අද ජනතාව එකතු වෙලා ඉන්නේ.

අපි එකතු වුනාම ඇල්පිටියේ ප‍්‍රතිඵලය 70%යි. එකතු වෙන්න දෙයක් නැහැ. මේ පක්ෂ දෙකම අපි හදපු පක්ෂ. මගේ කාලයේ දී මමයි, ශී‍්‍රලනීපයට 127ක් ආසන අරන් දුන්නේ.

අද අපිට ජනතාව වෙනුවෙන් අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් වගකිමක් තියෙනවා. මේ ආණ්ඩුව අපේ සම්පත් විකුණගෙන විකුණ ගෙන යනවා. සුදු අලියෙක් කියපු ගල් තියෙනවා කියපු වරාය විකුණගෙන කෑවා.

මේ අය හැම මිනිහාගෙන්ම පලි ගත්තා. ඒ මදිවට ලේකම් කියනවා හරියට පලි ගන්න ජනාධිපතිකමයි අගමැතිකකමයි දෙකම දෙන්නලූ. මේ අය රට හදන්න නෙවෙයි පලි ගන්නයි එන්නේ. මේ විදියට වැඩක් කරන්න බැරි ආන්ඩුවක් තියෙන්නේ.

කොට්ටාව කඩවත කඩුවෙල කෙරවලපිටිය පාර හදලා ඉවරද?  වසර පහක් තිස්සේ අතගගා ඉන්නවා. අපි කොළඹ කටුනායක පාර ඉක්මනට හැදුවා.

අපි වැඩ කරන්න පුලූවන් මිනිහෙක් ජනාධිපති අපෙක්ෂකයා කරලා තියෙනවා. වැඩ කරන්න බැරි කෙනෙක්ට අපෙක්ෂකකම දීලා වැඩක් නැහැ. ඇස් යට ගිය මිනිහෙකුට අපේක්ෂකකම දීලා වැඩක් නැහැ.

මොන විදියට ඇස් යට ගියාද දන්නේ නැහැනේ. මේක තමයි අපේ රටට ගිය කළ. දැන් කියනවා අපිට උපදෙස් එපාලූ. අපි එදත් ගමින් ගමට ගිහින් මොනවද කරන්නේ කියලා ඔබෙන් ඇහුවා. අපි බලයට ආවට පස්සෙත් ජනතාවගේ අදහස් වලටයි ගරු කරන්නේ.“

Read more

Local News