සජිත් ප්‍රේමදාස මහතාට රැස්වීම් තියන්න ඕන නෑ

Share

එළඹෙන ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නුවරඑළිය දිස්ත්‍රික්කය වැඩි ඡන්ද ලක්ෂ දෙකකින් ජයග්‍රහණය කරන බව නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

ඊයේ(13 ) හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ ආගමික කටයුතු වල නිරත වීමෙන් පසු මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය පලනි දිඝම්බරම් මහතා මේ බව පැවසීය.

“මේ සැරේ ගිය සැරේට වඩා වැඩිම මනාපයෙන් සජිත් දිනනවා.මොකද එතුමගේ පියා වතු ජනතාවට ප්‍රජා අයිතිය .ඡන්ද අයිතිය අරන් දුන්නේ.ඒ කලෙහි ගුණය අපිට තියෙවා එතුමගේ පුතාට ඡන්දය දිලා දිනවන්න.

ඒ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව වැඩියෙන් ඡන්දය දාලා ලක්ෂ දෙකකින් දිනවීමට කටයුතු කරනවා. එමෙන්ම පොහොට්ටුව. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කියන්නේ එකම පක්ෂය.

අද වෙනම හිටියට ඉස්සර ඔක්කෝම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටිය අය. අද වෙනම හිටියට එකම ඡන්ද ටික තමයි.ඡන්ද වැඩිවෙලා නෑ.ඒ නිසා අපිට ගැටළුවක් නෑ.ගිය සැරේ cwc හිටියා.

ඒ ඉදලත් අපි නුවරඑළිය මස්කෙළිය එක්ලක්ෂ හැන්තෑපන්දහසක් ඡන්දේ ගත්තා. මේ සැරේ ජනතාවට අපි ගොඩක් වැඩ කරලා තියෙනවා.ඒ නිසා වැඩි ඡන්දයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනනවා.

ඡන්ද ප්‍රචාරක කටයුතු අපි පටන්ගෙන තියෙන්නේ.මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහතාට රැස්වීම් තියන්න ඕන නෑ.“

Read more

Local News