අනුරගේ ආර්ථික සැළැස්ම මෙන්න

Share

මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන විකෘති බදු ප්‍රතිපත්තිය අහෝසි කිරීම තම ආර්ථික සැළැස්ම බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ආර්ථිකයක් ඉදිරියට යන්නේ නැතිනම් ආණ්ඩුවේ ආදායම වැඩි කර ගැනීමට වන්නේ බදු මඟින් බව පවසන ඒ මහතා එනිසා විවිධ වර්ගයේ බදු පීඩනයකට රටේ ජනතාව පත් වන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් විකෘති බදු ප්‍රතිපත්තියක් නිර්මාණය වී ඇති බැවින් එය අහෝසි කිරීම තම ආර්ථික සැළැස්ම බව ඒ මහතා කියා සිටියි.

Read more

Local News