හෙරොයින් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Share

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් සිව්දෙනෙක් අද(16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසීය.

හැටන් කුඩාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මත්ද්‍රව්‍යය භාවිතා කරමින් සිටින බවට සුරාබදු කාර්යයාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු සුරාබදු නිලධාරින් එම ස්ථානයට ගොස් සැකකාර තරුණයන් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි ඔහුන් සන්තකයේ තිබි හෙරොයින් මිලිග්‍රැම්1420ක් අත්අඩංගුවට ගත් බව සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පැවසීය.

හැටන් කුඩාගම ප්‍රදේශයේම පදිංචි මෙම තරුණයන් සිව්දෙනා අවුරුදු 20 ත් 24 අතර වයස් කාණ්ඩවල පසුවන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසීය.

Read more

Local News