ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 673ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පසුගිය 08 වනදා සිට ඊයේ(15) දිනය දක්වා අදාළ පැමිණිලි ලැබී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 650ක්, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 06ක් හා වෙනත් පැමිණිලි 17ක් ඊට ඇතුළත්.
ඊයේ පස්වරු 04.30න් අවසන් වු පැය 24 කාලය තුළ මැතිවරණ පැමිණිලි 85ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇත.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 85ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.



