Home දේශීය පුවත් යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල අද ජන අයිතියට

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල අද ජන අයිතියට

0
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල අද ජන අයිතියට

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරිම අද (17) පෙරවරුවේ සිදු කිරිමට නියමිතව ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපල විවෘත කිරීමට නියමිත අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග,  ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු යන මහත්වරුන් ඇතුළු ආරාධිතයින් රැසක් එම අවස්ථාවට එක්වීමට නියමිතයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෛනික ගුවන් මෙහෙයුම් කටයුතු නොවැම්බර් මාසයේ සිට ආරම්භ වීමට නියමිතව ඇත.

යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2250 ක් වන අතර ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් යොදවා ඇති බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here