ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන ලද ජන රැළි මාලාවේ ජන රැලි කිහිපයක් අද(17) කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන පැවැත් විය.
ඒ එම පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙනි.
රඹූක්කන, අරණායක, ගලිගමුව නගරයන්හි දී මෙම ජන රැළි පැවැත්විය.
එම රැස්විම් මාලාවේ ප්‍රධාන රැස්විම අද උදෑසන රඹුක්කන මහජන ක්‍රිඩාංගණයේදි පැවැත්වු අතර එම රැළිය සඳහා විශාල ජනතාවක් එක්ව සිටියේය.