හේමසිරි ප්‍රනාන්දු අද ජනපති කොමිසමට

Share

රක්ෂිත බන්ධනාගාරගත ව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා තිබේ.

එහි නිලධාරියෙකු සඳහන් කළේ, මේ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

හේමසිරි ප්‍රනාන්දු මහතා මෙලෙස ජනාධිපති කොමිසම ඉදිරියට කැඳවා ඇත්තේ, ඔහු සභාපතිවරයාව සිටි සමයේ මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියකදී සිදු වූ අක්‍රමාකතා පිළිබඳ විමර්ශනයකට අදාළවයි.

මෙම ව්‍යාපෘතියෙන් බැංකුවට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදු කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.

මේ අතර මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අමාත්‍ය දයා ගමගේ මහතා අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතයි.

කෙසේ වෙතත් මීට අදාළව අග්‍රමාත්‍යවරයාට අද දිනයේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නොහැකි බව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් කොමිසමට දැනුම් දී ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසම හමුවේ ලබන 23 වැනි දා පෙනි සිටින්නැයි දැනුම් දුන් බව එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.

Read more

Local News