දඹුල්ලේ රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

Share

දඹුල්ල පොලිස් වසමේ ඇතාබැඳිවැව මාර්ගයේ පන්නම්පිටිය ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(17) සවස 4.10 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

පන්නම්පිටිය දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ ලැබු පැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වු තොලඹුගොල්ල වැව පාර, ගලේවල ලිපිනයේ පදිංචි මැදිවලගේ සුපුන් මාධව සරත්චන්ද්‍ර නැමති අයෙකි.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇත.

දඹුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News