උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථාව සළසන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතා පවසයි.
කෑගල්ල වරකපොළ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඔහු ප්‍රකාශ කළේ බුද්ධිමත් තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන වැඩපිළිවලක්ද ක්‍රියාත්මක කරන බවයි.
බිඳ වැටුනු ආර්ථිකය යළි ගොඩ නැගිමට ඇති අවසන් අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා එම ජන හමුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම කුළියාපිටියේ පැවති ජනහමුවේදි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව කෘෂිකර්මාන්තය අමතක කළ බවයි.
වාහන කර්මාන්තශාලා ඉදිකිරීම සඳහා ලබා ගත් ඉඩම් මාස 06ක්තුළ වාහන නිෂ්පාදනය නොකරන්නේ නම් යළි ජනතාවට ලබාදෙන ලෙසද විපක්ෂ නායකවරයා එහිදි ප්‍රකාශ කළේය.



