පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප නැති කරනවා

Share

ගත වු වසර 71 තුල රටේ පාට පක්ෂ වෙනස් වී ඇතත් රට වෙනස් වී නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මාණ්ඩලික සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසයි.

ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහාතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සඳහා නොර්වුඩ් නගරයේ ඊයේ (17) පස්වරුවේ පැවති ජනහමුවේදි ලාල්කාන්ත මහතා මේ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු කේ.ඩි ලාල්කාන්ත මහතා කියා සිටියේ ජනතා වරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වන මන්ත්‍රිවරුන් ජනතාවට සේවයක් නොකර වරප්‍රසාද සියල්ල ලබා ගෙන ජනතාව ප්‍රතික්ෂේප කරන විට එම දේශපාලඥයාට විශ්‍රාම වැටුපක්ද ලැබෙන බවයි.

ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා බලයට පැමිණිමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද අඩුකරනවාත් සමඟ විශ්‍රාම වැටුපද නැති කිරිමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසීය.

Read more

Local News