අපි කොන්දේසි වලට යටත් වෙලා නැහැ

Share

එක්සත් ජාතික පක්ෂය කාගෙවත් කොන්දේසි වලට යටත්වෙලා වැඩ නොකරණ බව එක්සත් ජාතික පක්ෂ උප නායක සහ විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

2015 බලයට ආ අවස්ථාවේදි පැවසුවේ එයම බව කවුරු මොනවා කිව්වත්, වසර 5 ක් ආණ්ඩුව ගෙන ගිය බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (20)පෙරවරුවේ නුගේගොඩ නාලන්දාරාම  විහාරස්ථානයේපැවති කඨින පිංකමක් වෙනුවෙන් සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් මාධ්‍යයට කරුණු පැහැදිළි කළ අමාත්‍යවරයා,

“අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් ගෙනයන අසත්‍ය ප්‍රචාරයක් තමයි අපි සුළු පක්ෂවල කොන්දේසි වලට යටත්වෙලා ඡන්දය ගන්න හදනවා කියන එක.

අපි 2015 බලයට එන වෙලාවෙත් කිවේවේ ඒ දේම තමයි. නමුත් මේ වනතෙක් රටට අයහපතක් වුණාද. රට බෙදුවද.

අපි සුළු ජාතීන්ට ඕන විදියට නැටුවද. නැහැ. මේ කිසිදෙයක්සිදුවුණේ නැහැ. අපිට අවශ්‍යවන්නේ ඒකීයභාවයක් පමණයි.

සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්,බර්ගර්, මැලේ යන සියලු ජාතීන්ට මේ මගේ රට කියලා ආඩම්බරයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක්, බෞද්ධාගමට මුල්තැන දීලා, සෙසු ආගම් වලට සම තැන දීලා කටයුතු කරන්නපුළුවන්  රටක් නිර්මාණය කරන්නයි අපට අවශ්‍යවන්නේ.

මේ අය මොන ප්‍රකාශ කළත් අපි වසර 5 ක් ආණ්ඩුව ගෙනගියා. රටෙන් එක අගලක්වත්නැතිවුණාද. වෙනත් කිසිම අලාභයක් වුනාද.

මම ඉතා වගකීමෙන් කියන්නේ අපි කිසිසේත්ම කොන්දේසි වලට යටත් වෙලා වැඩ කරන්නේ නැහැ. අපිට එහෙම කරන්න අවශ්‍යත් නැහැ”

Read more

Local News