Home දේශීය පුවත් මහේෂ් සේනානායක රෝහල්ගත කෙරේ

මහේෂ් සේනානායක රෝහල්ගත කෙරේ

0
මහේෂ් සේනානායක රෝහල්ගත කෙරේ

මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා අද දහවල් හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බව අප වාර්තාකරු පවසයි.

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා බලන්ගොඩ නගරයේ පෞද්ගලික උත්සවය ශාලාවක සංවිධානය කර තිබු පාක්ෂිකයන් දැනුමත් කිරිමෙි අවස්ථාවවට අද (22)දා පෙරවරුවේ සහභාගි  විය.

එහිදි  ඉදිරි ජනාධිපතිවරණය සමිබන්දයෙන්  ජාතික ජනතා පක්ෂයේ බලන්ගොඩ ප්‍රදේශයේ සාමාජිකයන් සමඟ දැනුම් කිරිමද මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

එම දැනුවත් කිරිමෙන් අනතුරැව ඒ මහතා මාධ්‍ය වෙත ද අදහස් ප්‍රකාශ කළේය.

එම වැඩසටහන අවසන් කර මහේෂ් සේනානායක මහතා එම ස්ථායෙන් පිටව යැමට සුදානම් වන අවස්ථාවෙිදි හදිසියේ රෝගාතුර වී බලන්ගොඩ මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි.

රෝහලේ පැයක පමණ කාලයක් ප්‍රතිකාර ලබා ඒ මහතා අද දහවල් රෝහලෙන් පිටව ගියේය.

මේ සම්බන්ධයෙන්  අප කල විමසිමකදී  බලන්ගොඩ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා පැවැසුවෙි  මහේෂ් සේනානායක මහතාට ඇති වු අධික උණ තත්ත්වයක් හේතුවෙන් ක්ලාන්ත ඇති වී තිබෙන බවයි.

ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව ඒ මහතාට විවේක ගැනිමට උපදෙස් ලබා දුන් බවද වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here