පන්නිපිටියේ පහරදිමෙන් 18 හැවිරිදි තරුණයෙකු මරුට

Share

මහරගම දෙපානම පන්නිපිටිය පුද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරිපිටදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 12.20ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව ය.

මිය ගොස් ඇත්තේ, 18 හැවිරිදි පන්නිපිටිය දෙපානම බොරැල්ල පාර ප්‍රදේශයේ තරුණයෙකි.

මෘත ශරීරය මේ වන විට හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

Read more

Local News