නීති විරෝධීව සමෘද්ධිය දුන් බවට වන චෝදනා දයා ප්‍රතික්ෂේප කරයි

Share

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස සමෘද්ධිය ලබා දෙන්න තමන් කටයුතු නොකළ බවත් ඒ සම්බන්ධයෙන් වන සියලූ චෝදනා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බවත් ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළේය.

මෙවර අයවැයෙන් සමෘද්ධිය සඳහා වෙන් කළ මුදලින් සමෘද්ධි ලාභීන්ගේ සහනාධාර මුදල් ලබා දීම වැරැදි නම් රජයේ සේවකය්න්ට වැටුප් සඳහා වෙන් කර ඇති මුදලින් ඔවුන්ගේ වැටුප් ගෙවීම කළ හැකි ද යන්නත් ප‍්‍රශ්නයක් බව ඇමැතිවරයා කීය.

සමෘද්ධි හිමිකම්පත් ලක්‍ෂ 8 ට ලබාදීමට සමෘද්ධි අධිකාරිය ගත් පියවර සිය විරුද්ධවාදීන්ට දරා ගැනීමට හැකියාවක් නොතිබුණ බවත් ඇමැතිවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් සමෘද්ධි පත්විම් ලබාදීමට සූදානම් වන බවට පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කළ චොදනාවකට පිලිතුරු සපයමින් අමාත්‍ය දයා ගමගේ මහතා මෙ බව පැවසීය.

අමාත්‍යවරයා මෙම පැහැදිලි කිරීම සිදු කළේ ඊයේ (22) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එ හිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ සමෘද්ධි හිමිකම්පත් ලක්‍ෂ 08 කට ලබාදීමට සමෘද්ධි අධිකාරිය මගින් පියවර ගැනීම මැතිවරණ කොමිසම මැදිහත් වී නතර කර ඇති බවට මාධ්‍ය වාර්තා කර ඇති බවත්, එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්ය.

සමෘද්ධිය සඳහා වෙන් කර ඇති මුදල් එම ජනතාව වෙනුවෙන් වැය කිරීම ඇමැතිවරයා ලෙස තමාගේ වගකීමක් බවත් සමෘද්ධි හිමිකම් කියන සියලූ දෙනාටම ජනාධිපතිවරණය අවසන් වූ වහාම නොවැම්බර් මස 30 වැනිදාට පෙර සමෘද්ධිය ලබා දෙන බවත්, ඒ සඳහා මුදල් දැනටමත් වෙන් කර ඇති බවත් ඇමැතිවරයා කීය.

සමහර නිලධාරීන් සමෘද්ධි සේවකයන්ගේ ගැටලූ විසඳනවාට අකමැති වන්නේ දේශපාලනයෙන් ජීවත් වන ඔවුන්ගේ ව්‍යාපාරය කඩාකප්පල් වන නිසා බවත් කුමන බාධක පැමිණියත් තමන් නිත්‍යානුකූල ලෙස කරගෙන යන කටයුතු නතර කිරීමට කාටවත් හැකියාවක් නැති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

රජය ගෙනයන ගම්පෙරළිය, රං මාවත්, එන්ටප‍්‍රයිස් ශී‍්‍ර ලංකා, පාසල් සංවර්ධන ඇතුළු විශාල සංවර්ධන වැඩ නතර කිරීමට උත්සාහ දරන සිය විරුද්ධවාදීන්ගේ දේශපාලන බංකොලොත්භාවය පිළිබඳව කනගාටු වන බවත් ඇමැතිවරය පැවසීය.

සමෘද්ධියට අදාළ දැනුම්වත් කිරීම වැඩසටහන් 25 ක් රට පුරා පවත්වමින් ජනතාව තුළ තිබූ යැපුම් මානසිකත්වය ඉවතලා දිරියෙන් නැගී සිටින මානසිකත්වයක් ඔවුන් තුළ ගොඩනැගීමට හැකිවීම පිළිබඳව තමා සතුටට පත් වන බවත්ඇමැතිවරයා කීය.

සමෘද්ධි සේවකයන්ගෙන් මාසයකට රුපියල් 300 බැගින් අයකර ලක්‍ෂ සියයක් එකතු කර ගන්නා සංගමයක් තමාගේ සියලූ සංවර්ධන වැඩ කටයුතු කඩාකප්පල් කරමින් සිටින බවත් ඇමැතිවරයා පවසයි.

සේවකයන්ගේ ප‍්‍රශ්න විසඳා කල් මරමින්, නිලධාරීන් රවටා තමන්ගේ මඩිය තරකර ගන්න බවත් ගෙන යන කූඨ ව්‍යාපාරය සමෘද්ධියට පිළිලයක් වී ඇති ඇති බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

Read more

Local News