මෑත කාලයේ යෝජනා වූ සාධාරණ ඡන්ද ක්‍රමය මෙයයි – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක

Share

පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත මඟින් සාධාරණ ඡන්ද ක්‍රමයක් ඉදිරිපත් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

මෑත කාලයේ ඡන්ද ක්‍රමයන් සම්බන්ධයෙන් යෝජනා වූ වඩාත් සාධාරණ ඡන්ද ක්‍රමය මෙය බව පැවසූ මන්ත්‍රීවරයා, ජනතා විමුක්ති පෙරමුණ විසින් ලබාදුන් යෝජනා පිළිබඳව දැඩි සැළකිල්ලක් යෙදවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ස්තූතිය පිරිනමන බවද පැවසි ය.

Read more

Local News