හෙරොයින් සමඟ අයෙක් කොහුවල දී අල්ලයි

Share

කොහුවල පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 720 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වු අයෙක් බව පොලිසිය පවසයි.

සැකකරු අද (08) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Read more

Local News