දිවයිනේ දකුණු අර්ධයට පැයට කිලෝමීටර් 40 – 50 පමණ විය හැකි තද සුළං

දිවයිනේ දකුණු අර්ධයේ විටින් විට හමන සුළං පැයට කිලෝමීටර් 40 – 50 පමණ විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ, කළුතර, මහනුවර, නුවරඑළිය, මාතර සහ හම්බන්තොය දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපා හැකිය.
එමෙන් ම මඩකලපුව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ද ඇති වන අතර ම මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ද ඇතිවිය හැකිය
Previous articleනව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරාල මහත්මිය සහ බුද්ධ ශාසන නව අමාත්‍යවරයා ලෙස  ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පත්කෙරේ
Next articleපළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වේ