රෝහල්වල ක්‍රියාත්මක නව ජන්ම ප්‍රවාහන සේවයට හොදම නව උත්පාදන සම්මානය මෙවර ශ්‍රී ලංකාවට

Share

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණු 2017 බ්‍රිතාන්‍ය වෛද්‍ය සගරා සම්මාන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ රෝහල්වල ක්‍රියාත්මක නව ජන්ම ප්‍රවාහන සේවයට හොදම නව උත්පාදන සම්මානය මෙවර හිමි වී ඇත.

දකුණු ආසියානු රටවල හොදම නව ජන්ම ප්‍රවාහන සේවාවක් ඇත්තේ ශ්‍රී ලංකාවෙයි. එම සම්මාන උත්සවයේ දී ලැබුන සම්මානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිනි.

ළදරු මරණ වලින් සියයට 75 ක් සිදු වන්නේ වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගෙනි. තව ද නොමේරු සහ අඩුබර දරු උපත් වලින් 1/3 ක්  මිය යන්නේ එම දරුවන් ඉපදී පළමු මාසය තුළයි. එවැනි දරුවන් ආරක්ෂා කිරීම සඳහා නව ජන්ම ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි. ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ වෛද්‍ය නිලධාරීන් සහ හෙද හෙදියන් ද ඊට අනුයුක්ත කොට ඇත.

ළදරු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සදහා මෙම ප්‍රවාහන සේවාව ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. කොළඹට පමණක් දැනට සීමා වී ඇති මෙම වැඩපිළිවෙල දීප ව්‍යාප්තව ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

Read more

Local News