2017 වසර තුළ දී සමරු මුද්දර 60ක් නිකුත් කරයි – අළෙවියෙන් රුපියල් මිලියන 27ක ආදායමක්

Share

2017 වසර තුළ දී සමරු මුද්දර 60ක් නිකුත් කර ඇති බවත් එම සමරු මුද්දර අළෙවියෙන් රුපියල් මිලියන 27ක පමණ මුදලක් උපයාගෙන ඇතැයි ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය පවසයි.
සාමාන්‍ය පරිදි වාර්ෂිකව සමරු මුද්දර 40 – 50ත් අතර ප්‍රමාණයක් මුද්දර කාර්යාංශය වෙතින් නිකුත් කෙරන අතර එය පවතින සුවිශේෂි තත්ත්වයන් මත වෙනස් වන අවස්ථාවන් ද ඇති බවත් ඒ මහතා පෙන්වා දුනි.
ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයේ මුද්දර කවුළු පසුගිය 2016 වන විටත් කොළඹට පමණක් සීමා ව තිබූ අතර ම 2016 දෙසැම්බර් මාසයේ දී මහනුවර දිස්ත්‍රික්කය තුළ ද, 2017 වසර තුළ දී අනුරාධපුර, ගාල්ල, මාතර, බෙන්තොට, නුවරඑළිය වශයෙන් ප්‍රාදේශීය මුද්දර කවුළු 06ක් විවෘත කිරීමට කටයුතු කළ බවත් පැවසුවේය.
එමෙන් ම 2018 වසර තුළ දී ප්‍රාදේශීය මුද්දර උප කවුළු 4 – 5 ක් අතර ප්‍රමාණයක් ඇතිකිරීමට කටයුතු කරන අතර ම ප්‍රාදේශීය මුද්දර ප්‍රවර්ධන නිලධාරීන් හරහා පාසල් මුද්දර සමාජ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නේය.

Read more

Local News