සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අද (28) යි.
තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (27) දිනය සඳහා තරඟය නතර කරන විට කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352 කි.
දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ෂෝන් විලියම්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකය රැස් කළේය.