Home දේශීය පුවත් ජපාන විදේශ කටයුතු අැමති හා ජනපති අතර හමුවක් – ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහාය

ජපාන විදේශ කටයුතු අැමති හා ජනපති අතර හමුවක් – ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහාය

0
ජපාන විදේශ කටයුතු අැමති හා ජනපති අතර හමුවක් – ශ්‍රී ලංකාවට ජපානයේ උපරිම සහාය
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කෝනෝ මහතා අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරතවන්නේ වසර 15 කට පසුව වීම ද විශේෂත්වයකි.
මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර හොඳ ව්‍යාපාරික සබඳතාවක් මේ වන විට පවතින බවත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ ආයෝජන අවස්ථා පිළිබඳ තවදුරටත් සොයා බැලීමට විශේෂ නියෝජිත පිරිසක් මෙම මස අගදී ශ්‍රී ලංකාවට එවන බවත්ය.
ශ්‍රී ලංකා – ජපාන ඓතිහාසික මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා සැබෑ මිතුරෙකු ලෙස ජපානය ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන සහය කෘතවේදීව අගය කළේය.
විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකාර්මික, සංස්කෘතික සහ යටිතල පහසුකම් ක්ෂේත්‍ර සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
එමෙන්ම පසුගිය යුද සමයේදී දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ද ජපානය ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳ ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා ජපානයේ පැවති ජී-7 සමුළුවට සහභාගී වූ අවස්ථවේදී තමා වෙත ලබාදුන් ඉහළ පිළිගැනීම වෙනුවෙන් ද ජපාන විදේශ අමාත්‍යවරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here