Home දේශීය පුවත් අභිමානවත් තෙවර්ෂ පූර්ණ සැමරුම සම්මුතිවාදී රජයේ

අභිමානවත් තෙවර්ෂ පූර්ණ සැමරුම සම්මුතිවාදී රජයේ

0
අභිමානවත් තෙවර්ෂ පූර්ණ සැමරුම සම්මුතිවාදී රජයේ

යහපාලනය බිහිකිරීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගනිමින් මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ස්වාධීනත්වය, ආර්ථික නිදහස මෙන්ම ජාතික සමගිය ගොඩනැඟීමේ ඉලක්ක ජයගන්නට බල කෙරුණු ජන අරගලයෙන් බිහිවූ රාජ්‍ය නායකත්වයේත් ජාතික සම්මුතිවාදී රජයේත් අභිමානවත් තෙවර්ෂ පූර්ණ සැමරුම අදට (08) යෙදී තිබේ. 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ සම්මුතිවාදී රජයක් මගින් යහපාලනයක් බිහිකිරීමේ මූලධර්ම මත නව රජය බිහිවිය.

 

ජනාධිපතිතුමාගේ යහපාලන රජය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම විශාල ජයග්‍රහණයක් වන අතර ඒ යටතේ ස්වාධීන කොමිෂන් සභා රැසක් පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාද‍ෙ‍ය් විශාල විජයග්‍රහණයකි.

මේ අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීම, රාජ්‍ය සේවා කොමිෂන් සභා පිහිටුවීම, ජාතික පොලිස් කොමිෂන් සභාව පිහිටුවීම, විගණන කොමිෂන් සභාව පිහිටුවීම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පිහිටුවීම සහ මුදල් කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීම යනාදිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට පවරනු ලැබීම විධායකයේ ක්‍රියාදාමයේ පාරදෘශ්‍යභාව ආරක්ෂා කිරීමට බෙහෙවින් ඉවහල් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here