තියුණු ආයුධ වලින් කපාකොටා තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් සැකපිට අද (08) අළුයම වයස අවුරුදු 20 ත් 25 ත් අතර පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෙන්නප්පුව පොලිසිය පැවසුවේ සිරිගම්පල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස්වලට යමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇති වූ බවයි.