කොදෙව්-ශ්‍රී ලංකා තුන්වන එක්දින තරඟය අද

Share

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද (01) පල්ලේකැලේදී පැවැත්වීමට නියමිතයි.

 

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2. 30ට ආරම්භ වෙයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියට එක්දින තරඟ 3ක් ඇතුළත් වුණි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරඟය එක් කඩුල්ලකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේය.

දෙවන එක්දින තරඟය ලකුණු 161කින් ජය ගත්තේ ද ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඒ අනුව එක්දින තරගාවලිය තරඟ 2ට 0ක් ලෙස මේ වන විටත් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

Read more

Local News