ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි විස්ස පළමු තරඟය අද

Share

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරඟය අද (04) පැවැත්වෙයි.

 

පළමු තරඟය අද පල්ලේකැලේදි ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් මාලිංගගේ නායකත්වයෙක් තරඟයට මුහුණ දෙයි.

දෙරට අතර මෙතෙක් විස්සයි විස්ස තරඟ 9ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 06ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

Read more

Local News