කොරෝනා රෝගින් ගණන 91ක් දක්වා ඉහළට

Share

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඊයේ(22) රාත්‍රීයේ දි කොරෝනා ආසාදිත තහවුරු කළ රෝගීන් 4 දෙනෙකු වාර්තා වු අතර අද(23) දිනයේ දී රෝගීන් 5 දෙනෙකු තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් 19 පැතිරීම වැළැක් වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී තහවුරු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයින් 91 ක් වාර්තා වෙයි.

මේ අතර පුද්ගලයින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 222 දිවයිනේ රෝහල් 18ක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45ක පුද්ගලයන් 3506 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර තිබේ.

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් – 19 වෛරසය ආසාදිත සංචාරක මඟ පෙන්වන්නා සම්පූර්ණයෙන් සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබේ

Read more

Local News