2025 වනවිට ලංකාව ණය බරින් නිදහස් රටක් – අගමැති

Share

2020වන විට ශ්‍රී ලංකාවේ රැකියා, ආදයම, නිවාස වැඩිවීම සිදු වන අතර ම අධ්‍යාපනයත් දියුණු වන බවත් 2025වන විට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ම ණය බරින් නිදහස් රටක් බවට පත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සැමට සෙවණ විසිරි නිවාස ණය පිරිනැමීමේ උත්සවයට එක්වෙමිනි. මෙහිදී පවුල් 1100ක් වෙනුවෙන් ණය ලබාදීම වෙනුවෙන් රුපියල් කෝටි 11ක් වැය කොට තිබුණි.
පසුගිය රජයන් ආදායම් උපයාගත්තේ තෙල් මිල ඉහළ දැමීමෙන් බවත් නමුත් වත්මන් ආණ්ඩුව ලෝක වෙළෙඳපොළ් මිල ගණන්වලටම තෙල් ලබාදෙන බවත් ආදායම් වැඩිකොට, වැටුප් වැඩිකොට, බඩු මිල අඩුකළ එකම ආණ්ඩුව වත්මන් රජය බවත් පෙන්වාදුනි.
නිවාස හිමිකම සමාජයේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවත් වත්මන් රජයේ නිවාස වැඩපිළිවෙළ සඳහා මේ වන විට කෝටි 2200කට අධික මුදලක් වැය කොට ඇතැයි ද වත්මන් ආණ්ඩුව රට භාරගන්නා අවස්ථාවේ දී මෙරටට නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් නොවූ බවත් එම සියලු අභියෝගයන් භාරගෙන ඊට විසඳුම් සොයාගෙන ඇති බවත් අගමැතිවරයා පැවසීය.

Read more

Local News