Home දේශීය පුවත් ගාල්ල දිස්ත්‍රික්කයේ ආගමික මධ්‍යස්ථාන, විහාරස්ථාන 50ක සංවර්ධන කටයුතු නිමයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ආගමික මධ්‍යස්ථාන, විහාරස්ථාන 50ක සංවර්ධන කටයුතු නිමයි

0
ගාල්ල දිස්ත්‍රික්කයේ ආගමික මධ්‍යස්ථාන, විහාරස්ථාන 50ක සංවර්ධන කටයුතු නිමයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය, දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය, පුණ්‍ය ග්‍රාම වැඩසටහන, ඌන සංවර්ධිත දහම් පාසල් සංවර්ධනය සඳහා බෞද්ධ කටයුතු අමාත්‍යංශය සහ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් පසුගිය වසරේ රුපියල් මි 20.92ක් වෙන් කර ඇත.

එම වැඩසටහන යටතේ ව්‍යාපෘති 71 සඳහා මෙම මුදල් වෙන් කර තිබේ. ව්‍යාපෘති 50ක සංවර්ධන කටයුතු නිම වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් තුළ බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් ව්‍යාපෘති 42ක්ද , ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින් ව්‍යාපෘති 29ක්ද අනුමත කර 2017 වසරේ තිබෙන අතර දුෂ්කර විහාරස්ථාන වැඩිදියුණු කිරීම යටතේ අක්මීමණ, අම්බලන්ගොඩ, ඉමදුව, කරන්දෙණිය, තවලම, නාගොඩ, බලපිටිය සහ හික්කඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල සංවර්ධනය නොවූ පූජනීය ස්ථාන සඳහා සංවර්ධන වැඩපිළිවෙල සඳහා රු.මි 2.0 ක මුදලක් වෙන් කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here